ඇමති ශෙහාන් සේමසිංහ IMF විධායක අධ්‍යක්ෂවරයා හමුවෙයි

කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු පසුබෑමකට ලක් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණයන් රටේ නීතියක් බවට පත් කිරීමට රජය සූදානම් බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

එහි දී දැනට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ වැඩි දුරටත් කරුණු සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් ම බදු ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයක් පිළිබඳ ක්‍රිෂ්ණමූර්තිගේ අවධානය යොමු වූ අතර සේමසිංහ අමාත්‍යවරයා කියා සිටියේ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් ලක්ෂ හතරක් පමණ දක්වා අඩු වූ ආදායම් බදු ගොනු සංඛ්‍යාව මිලිනයක් පමණ දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08