වනිඳුට IPL තරග තුනක් මඟ හැරෙයි

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර අයි.පී.එල්. විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග කිහිපයක් අහිමිව යන බව වාර්තා වනවා.

බංග්ලාදේශයට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටීම මීට හේතු වී තිබෙනවා.

වනිඳු මෙවර තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන අතර, ඒ අනුව සන්රයිසස් පිළ සහභාගී වන පළමු තරග තුනට ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිම්වන්නේ නැහැ.

මෙවර තරගාවලිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වනිඳුව මිල දී ගනු ලැබුවා.

අයි.පී.එල්. තරගාවලියේ කාලසටහනට අනුව සන්රයිසස් පිළමාර්තු 23 වනදා කොල්කටාහිදී කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ තරඟ වැදීමට නියමිතයි.

ඔවුන් මාර්තු 27 වැනිදා මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව තරගය සඳහා හයිද්‍රාබාද් වෙත ගොස් මාර්තු 31 වැනිදා ගුජරාට් ටයිටන්ස් සමග තරගය සඳහා අහමදාබාද් බලා පිටත්ව යනු ඇති.

අප්‍රේල් 05 වනිද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන හයිද්‍රාබාදයේ දී පැවැත්වෙන තරගය සඳහා වනිඳු එක්කර ගැනීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39