spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වනිඳුට IPL තරග තුනක් මඟ හැරෙයි

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර අයි.පී.එල්. විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග කිහිපයක් අහිමිව යන බව වාර්තා වනවා.

බංග්ලාදේශයට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටීම මීට හේතු වී තිබෙනවා.

වනිඳු මෙවර තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන අතර, ඒ අනුව සන්රයිසස් පිළ සහභාගී වන පළමු තරග තුනට ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිම්වන්නේ නැහැ.

මෙවර තරගාවලිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වනිඳුව මිල දී ගනු ලැබුවා.

අයි.පී.එල්. තරගාවලියේ කාලසටහනට අනුව සන්රයිසස් පිළමාර්තු 23 වනදා කොල්කටාහිදී කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ තරඟ වැදීමට නියමිතයි.

ඔවුන් මාර්තු 27 වැනිදා මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව තරගය සඳහා හයිද්‍රාබාද් වෙත ගොස් මාර්තු 31 වැනිදා ගුජරාට් ටයිටන්ස් සමග තරගය සඳහා අහමදාබාද් බලා පිටත්ව යනු ඇති.

අප්‍රේල් 05 වනිද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන හයිද්‍රාබාදයේ දී පැවැත්වෙන තරගය සඳහා වනිඳු එක්කර ගැනීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
5
+1
12
+1
1
+1
8
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?