ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථාන සමඟ ක්‍රීඩා කිරීමට බැහැ කියයි

ඇෆ්ගනිස්ථාන සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය කල් දැමීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාන්තා සහ ගැහැණු ළමුන් සඳහාවන මානව හිමිකම්වල කැපී පෙනෙන පිරිහීම මෙම තීරණයට එළඹීමට හේතු වූ බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ඕස්ට්‍රේලියාව එළඹෙන අගෝස්තු මාසයේ දී මධ්‍යස්ථ ස්ථානයක දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියකට එක්වීමටයි සැකසුම්කර තිබුණේ.

මේ අතර 2021 වසරේ දී දෙරට අතර පළමු ටෙස්ට් තරඟය සහ 2023 මාර්තු මාසයේදී එක්දින තරඟාවලියක් ද සැලසුම්කර තිබූ නමුත් ඕස්ට්‍රේලියාව එම තරඟාවලිය කල් දැමීමට කටයුතු කළේ ඇෆ්ගනිස්ථානය තුළ පවතින මානව හිමිකම් ගැටළු හේතුවෙන්.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා වන මානව හිමිකම් කොන්දේසි සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සමඟ සාකච්ඡා කර ඇති බවත්, ඔවුන් සමඟ 2023 තරඟ මාලාව කල් දැමූ දා සිට කාන්තාවන්ගේ අයිතිවාසිකම්වල “සැලකිය යුතු පිරිහීමක්” සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර ඕස්ට්‍රේලියාව පසුගිය වසර දෙක තුළ ලෝක කුසලාන තරගාවලි දෙකක දී ඇෆ්ගනිස්තාන සමඟ ක්‍රීඩා කර ඇති අතර එය සමාජ මාධ්‍ය තුළ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින්ගේ විවේචනයට ද ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46