කතරගම දේවාලයේ රත්තරන් තැටියක් අතුරුදන් කළ කපුවන්ගේ සේවය අත්හිටුවයි

බැතිමතෙකු ජූජා කළ පවුම් 38ක් බර රත්තරන් තැටියක් අතුරුදන් කළ බවට චෝදනා එල්ල වී සිටින රුහුණු මහා කතරගම දේවාලයේ කපුවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධූරන්දර සොමිපාල රත්නායක සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සහයක කපුවෙකු වන සමන් ප්‍රියන්ත යන අයගේ සේවය මෙලෙස සේවය අත්හිටුවා ඇති බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ප්‍රකාශ කළා.

ඉන්දියාවේදී මියගිය බවට සැක කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ බිරිද විසින් සිය පුතුගේ අපල දුරුවීම සදහා පවුම් 38 ක් බරැති රත්‍රං තැටියක් රුහුණු මහා කතරගම දේවාලයට පූජා කර තිබුණා.

ඒ 2019 වර්ෂයේදීයි.

සිද්ධියෙන් වසර දෙකකට පසු එනම් 2021 වසරේදී මෙම රන් තැටිය අතුරුදන් බවට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් ගුණසේකර විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කරනු ලැබුවා.

ඒ අනුව සිද්ධියට අදාල විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දීර්ඝ විමර්ශණයකින් රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සහයක කපුවෙකු වන සමන් ප්‍රියන්ත සහ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර සිටිනවා.

අදාල චෝදනාව එල්ලවී තිබෙන කපුවන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන විසින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා ලිඛිතව දැනුම් දී තිබුණා.

ඒ අනුව, බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඊයේ (18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙනොගේ සේවය අත්හිටුවා ඇති අතර ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම සහ ඊට සම්බන්ධ වීම සපුරා තහනම් බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ලිඛිතව දැනුම් දී තිබෙනවා.

කතරගම දේවාලයේ ගබඩාරාළ තනතුරට අදාල වගකීම් සහ රාජකාරි සියල්ල දැනට රුහුණු මහා කතරගම දේවාලයේ කපු ධුරයේ නියුතු රාජපක්ෂ මුදියන්සේලාගේ මුතුබණ්ඩාර යන අයට නොපමාව බාරදිය යුතු බවද අදාල ලිපියේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55