රාජිතට එරෙහි සුදු වෑන් නඩුව විභාගයට දින නියම වෙයි

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සහ මංකොල්ලකෑම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම තුළින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා මැයි මස 08 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා

එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නැවත වරෙන්තු නිකුත් කිරීමටද විනිසුරුවරයා නියෝග කළා.

මෙම නඩුවේ සාක්ෂිකරු දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතුවන බව පෙන්වා දුන් විනිසුරුවරයා එය යහපත් තත්ත්වයක් නොවන බවත් පැවසුවා.

ප්‍රධාන සාක්ෂිකරුවන් අධිකරණයට නොපැමිණෙන්නේ නම් වෙනත් සාක්ෂි මෙහෙයවීමට පැමිණිල්ල කටයුතු කළ යුතු බවත් එසේ නොමැති නම් පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ එහි තවත් විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම අත්හිටුවන ලෙස කර තිබෙන ඉල්ලීම හෙට දින සලකා බලන බවත් විනිසුරුවරයා නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ජීවිතය අනතුරේ.. ඉවරයක් කරන්න හදනවා?
03:30
Video thumbnail
හිටපු නගරාධිපතිට අවසන් ගෞරව දක්වන්න අමරවීර, රංජිත් ඇතුළු ප්‍රබලයින් එයි - කට්ටියම ලොකු කතාවක්
01:19
Video thumbnail
නාමල් නැති අඩුපාඩුව පුරවන්න ලිමිණි අනුරාධපුර වේදිකාවට..?
00:58
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ්ට සමුදෙන්න ශෂීන්ද්‍ර සහ මර්වින් එයි - ශෂීන්ද්‍රව බදාගෙන හඬා වැටුණු හිතවතා
01:47
Video thumbnail
නාමල් කියන්නේ මිනිස්සුන්ගේ හදවතේ ලියැවුණු චරිතයක්
04:30
Video thumbnail
බාප්පලාට නඩු, මහප්පලාට නඩු, මුළු පවුලටම නඩු
03:14
Video thumbnail
කතිරේ ගහපු එකේ වටිනාකම ජනතාවට කියන වසන්ත - නාමල් ඇතුළට ගියා ලබන 18 වෙනකල්
04:00
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම පුත් නාමල් රාජපක්ෂ බලන්න වැලිකඩට - අත දික් කරලා කියලා ගිය දේ
01:20
Video thumbnail
නාමල් වැරදි කරලා නෑ - නීතියට මුහුණ දෙන්න සූදානම්
02:02
Video thumbnail
ආණ්ඩුවේ කෙරුවාව සංජීව එකින් එක හෙළිකරයි ?විමර්ශන ආයතන දේශපාලන බලයට ඩැහැගෙන ඉවරයි
02:06