සිංහල අලුත් අවුරුද්දට ලබා දී ඇති නැකත් හොඳට ම හොඳයි – රාජ්‍ය නැකත් කමිටුව

මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් වේලාවන් හි ස්ථාවරත්වය තහවුරු කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වුණා.

මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (18) පැවැත් වුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීයි.

මේ සඳහා රාජ්‍ය නැකත් කමිටුවේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියා.

2024 සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකත් කමිටුව විසින් සකසා ඇති නැකත් වේලාවන් හි කිසිඳු ගැටළුවක් නොමැති බවයි එම කමිටුවේ සාමාජිකයින් සඳහන් කළේ.

මෙලෙස සකසා ඇති නැකත් රටට, ජනතාවට මෙන්ම රටේ ඉදිරි පැවැත්ම ඉතා යහපත් බව ද නැකත් කමිටු සාමාජිකයින් වැඩිදුරටත් පැවසුවා.

මේ අතර මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකත් කමිටුව සකසා ඇති නැකත් වේලාවන්ගේ බරපතළ ගැටළුවක් පවතින බව ඇතැම් පාර්ශ්වයන් චෝදනා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?