බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු සියල්ල දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 235ක්
මෙහිදී බංග්ලාදේශ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්වන ආකාරය දැකගත හැකි වුණා.
ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා ආපසු ක්‍රීඩාගාරය වෙත ගමන් කරද්දී එක අන්තයක ස්ථාවර වූ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ඉනිමේ නැංඟුරම බවට පත් වෙමින් නොදැවී ලකුණු 101ක් වාර්තා කළා.
ජනිත් ලියනගේ අද වාර්තා කළේ සිය මංගල එක්දින ශතක වීම විශේෂත්වයක්.
ඔහුගේ නොදැවුණු ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 02ක් ඇතුළත් වුණා.
පන්දු යැවීමේ දී ටස්කින් අහමඩ් කඩුලු 03ක්, මුස්තාෆිසුර් රහ්මාන් සහ මෙහීදි හසන් කඩුලු දෙක බැඟින් බිඳ දැමුවා.
ඒ, අනුව දෙපිළටම තීරණාත්මක මෙම තරගය ජයගැනීමට බංග්ලාදේශයට ලකුණු 236ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.




