මෙරට දළ දේශිය නිෂ්පාදනයේ 4.5% ක වර්ධනයක්

පසුගිය වසරේ සිව්වන කාර්තුවේ මෙරට දළ දේශිය නිෂ්පාදිතය සියයට 4.5ක වර්ධනයක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් සමස්තයක් ලෙස පසුගිය වසරේ මෙරට අර්ථික වර්ධනය සෘණ 2.3ක්.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව 2022 වසරේ රුපියල් මිලියන එක්කෝටි 21 ලක්ෂයක් වූ මෙරට දළ දේශිය නිෂ්පාදිතය පසුගිය වසරේ රුපියල් මිලියන එක්කෝටි 18 ලක්ෂයක්
දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව, 2023 වර්ෂයේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.3 කින් සංකෝචනය වී ඇතැයි එමස වාර්තාවේ සඳහන්.

2023 වර්ෂයේ දී සමස්තයක් ලෙස කෘෂිකාර්මික ආර්ථික කටයුුතු සියයට 2.6 ක වර්ධනයක් පෙන්නුම් කලද කර්මාන්ත ආර්ථික කටයුුතු සහ ‌සේවා ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 9.2 ක සහ සියයට 0.2 ක පසුබැසීමක් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් 2023 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.5ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

මීට ප්‍රධාන ලෙසම විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතභාවය සමනය වීමෙන් පසු විදේශ ප්‍රේෂණ ලැබීම් ක්‍රමානුකූල වීම සහ සංචාරක පැමිණිම් ඉහලයාම හරහා ආර්ථිකය තුළ නව අපේක්ෂාවන් වර්ධනය වීම බලපා ඇති බව
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්දව ළඟ තියාගෙන මිහින්තලේ හිමි ජනපතිව සැරටම අමතයි
13:58
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:58
Video thumbnail
චේ ගුවේරාගේ තොප්පියත් නැතිවෙලා ඩබල් පොකට් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ
03:20
Video thumbnail
මහින්දට එරෙහිව වෙන්න අපිට කොන්දක් තිබ්බා
03:36
Video thumbnail
මා ඔය දිගේ ගසාගෙන ආපු අත්බෝ#බයක් හමුවෙයි
00:53
Video thumbnail
නාමල් ඇතුළට ගිය එක ගැන රනිල් කිව්ව දේ..
00:52
Video thumbnail
නාමල් පුතාව බලන්න වැලිකඩට ගිය මහින්ද සංවේදී වෙයි
01:02
Video thumbnail
සජිත්ගේ රැස්වීමට ආ කතක් ආණ්ඩුවට දෙහි ක#යි - දන්නේ ඇමතියෙක් අල්ලලා මුල්ලට දාන එකනේ
01:58
Video thumbnail
විපක්ෂය දැන් මරු විකලෙන් දඟලනවා
05:24
Video thumbnail
සදාකාලිකවම තනි පක්ෂයක් රටේ ආණ්ඩු කිරීමක් කරන්නේ - රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක්
05:35