සරමේ කොටසකින් ගෙළ වැළලාගෙන සැකකරුවෙක් ජීවිතක්ෂයට

පුත්තලම බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙක් තමන් ඇද සිටි සරමේ කොටසකින් ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ පුත්තලම, තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

පොලිසිය පවසන්නේ ඊයේ (17) පස්වරු 5.00ට පමණ මෙම පුද්ගලයා මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි.

කරුවලගස්වැව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඊයේ (17) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පසුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර, ඔහුව මීගමුවේ පිහිටි රිමාන්ඩ් බණ්ධනාගාරයට රැගෙන යන තුරු පුත්තලම බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි බවයි වාර්තා වන්නේ.

එලෙස රඳවා සිටි සැකකරු ඇද සිටි සරම ඉරා ඉන් කොටසකින් සිර මැදිරියේ ජනේලයක එල්ලී සියදිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03