හොරෙන් ගංජා ගහපු පාසල් සිසුන්ට උසාවියෙන් දඩ

ගම්පොළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ සහ ජාත්‍යන්තර පාසලක සිසුන් සිව් දෙනෙකු ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට ගම්පොළ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙම සිසුන් ගම්පොළ සහිරා පාසල රේල් පාර මාර්ගයේ ගංජා පානය කරන බවට ලද තොරතුරකට අනුවයි අදාළ වැටලීම සිදුකර ඇත්තේ.

රාමලාන් දෛනික උපවාසය අවසන් කිරීම සඳහා යමින් සිටියදී අදාළ සිසුන් ඉහත ස්ථානයේ ගංජා පානය කර ඇති බවද පොලිසිය සදහන් කළා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් හට ගම්පොළ ප්‍රධාන මාහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් එක් අයෙකුට රුපියල් තුන්දහස බැගින් රුපියල් දොළොස් දහසක දඩයක් නියම කරනු ලැබුවා.

මෙලෙස දඩ නියම වූයේ ගම්පොළ කහටපිටිය , නුවර පාර, බැබිල සහ සිංහපිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 15 හා 16 යන වයස්වල පසු වන සිසුන් සිව් දෙනකු හටයි.

එම සිසුන් ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සිව් දෙනකුගේ දරුවන් වන බවද වාර්තා වනවා.

සිසුන් සන්තකයේ තිබී ගංජා මිලිග්‍රෑම් 365, 657, 680, 273 යන ප්‍රමාණයන් හමුවී ඇති අතර එම ප්‍රමාණයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00