spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් ගංජා ගහපු පාසල් සිසුන්ට උසාවියෙන් දඩ

ගම්පොළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ සහ ජාත්‍යන්තර පාසලක සිසුන් සිව් දෙනෙකු ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට ගම්පොළ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙම සිසුන් ගම්පොළ සහිරා පාසල රේල් පාර මාර්ගයේ ගංජා පානය කරන බවට ලද තොරතුරකට අනුවයි අදාළ වැටලීම සිදුකර ඇත්තේ.

රාමලාන් දෛනික උපවාසය අවසන් කිරීම සඳහා යමින් සිටියදී අදාළ සිසුන් ඉහත ස්ථානයේ ගංජා පානය කර ඇති බවද පොලිසිය සදහන් කළා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් හට ගම්පොළ ප්‍රධාන මාහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් එක් අයෙකුට රුපියල් තුන්දහස බැගින් රුපියල් දොළොස් දහසක දඩයක් නියම කරනු ලැබුවා.

මෙලෙස දඩ නියම වූයේ ගම්පොළ කහටපිටිය , නුවර පාර, බැබිල සහ සිංහපිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 15 හා 16 යන වයස්වල පසු වන සිසුන් සිව් දෙනකු හටයි.

එම සිසුන් ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සිව් දෙනකුගේ දරුවන් වන බවද වාර්තා වනවා.

සිසුන් සන්තකයේ තිබී ගංජා මිලිග්‍රෑම් 365, 657, 680, 273 යන ප්‍රමාණයන් හමුවී ඇති අතර එම ප්‍රමාණයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?