පිටිගල වෙඩි තැබීමට ඔත්තු බැලූ දෙදෙනා අත්අඩංගුවට

පසුගිය 11 දින පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දියේ වෙළෙඳසැලක් ඉදිරිපිට දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයකර තවත් දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සමඟ අපරාධය සිදුකිරීමට පෙරදින මොවුන් දෙදෙනා ඔත්තු බැලීමට පැමිණි යතුරුපැදි දෙකක් සහ දුරකථන දෙකක් ද සොයාගත් බව පොලිසිය පැවසුවා.

සැකකරුවන් අද (17) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

මේ අතර ඝාතනයන සිදුකළ වෙඩිකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පිටිගල පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?