සැමියා බිරිඳගේ බෙල්ලට කතුරෙන් ඇනලා

වත්තල නගරයේ පිහටි වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයක් තුළ දී කාන්තාවකට ඊයේ (15) පෙරවරුවේ කතුරකින් ඇන බරපතළ තුවාල සිදුකර තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ එම වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයක් සේවය කළ 24 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව එම එම වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටිය දී ඇයගේ සැමියා එම අස්ථානය පැමිණි අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී සැමියා විසින් අසල තිබූ කතුරක් ගෙන කාන්තාවගේ ගෙළ ප්‍රදේශයට ඇන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර සැමියා පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?