ලෙජන්ට් කුසලානයේ දී තරග පාවාදීමට බලපෑම් – තරංගගෙනුත් පැමිණිල්ලක්

මේ වනවිට මෙරට දී පැවැත්වෙන ‘ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’ තරගාවලියේ දී තරග පාවාදීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළ සිද්ධියක් වාර්තා වනවා.

ඒ, අනුව එලෙස බලපෑම් එල්ල කළ ඉන්දීය ජාතික ක්‍රිකට් කළමණාකරුන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග සහ නවසීලන්ත ලෙජන්ඩ්ස් ක්‍රිඩක නේල් ට්‍රෙවර් බෲට් විසින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි අනුවයි අධිකරණය අදාළ තහනම් නියෝගය නිකුත්කර ඇත්තේ.

ඉන්දියානු කළමණාකරුවන් දෙදෙනෙක් වන යෝනී පටෙල් සහ පැචලෝඩියා ආකාශ් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස තරග පාවාදීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලිය දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

‘ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’ තරගාවලිය සඳහා ලෙජන්ට් ක්‍රීඩකයින් 120ක් පමණ මෙවර තරගාවලියට එක්ව සිටිනවා.

රාජස්තාන් කිංස්, ඩෙල්හි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්, කැන්ඩි වොරියර්ස්, කළම්ඹු ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් සහ ඩුබායි ජයන්ට්ස් ය‍න කණ්ඩායම් මෙවර තරගාවලිය සඳහා එක්ව සිටින කණ්ඩායම් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
8
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40