වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා ගුණරත්න වැඩ භාරගනී

වයඹ පළාත් නව ප්‍රධාන ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරිනියකවූ දීපිකා ගුණරත්න අද (15) පෙරවරුවේදී වයඹ පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී වැඩ භාරගත්තා.

රාජ්‍ය කළමනාකරණ සේවයෙන් රාජ්‍ය සේවයට එක්ව අති දීපිකා ගුණරත්න ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය සමත්ව සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක, ප්‍රාදේශීය ලේකම්වරියක, අමාත්‍යාංශ අතිරේඛ ලේකම්වරියක ලෙස මෙන්ම දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස ද කටයුතු කර ඇති ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීනියක්.

වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරිය ලෙස පත්වීමට පෙර ඇය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරිය ලෙස සේවය කරමින් සිටියා.

වයඹ පළාත් රාජ්‍ය සේවයයේ දොළොස්වන පළාත් ප්‍රධාන ලේකම්වරිය වන දීපිකා ගුණරත්න වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරට පත් එකම කාන්තා නිලධාරිනිය ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?