අස්වැසුම අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කරයි (වීඩියෝ)

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මාර්තු 22 දක්වා මේ සදහා අයදුම්පත් යොමු කිරීමේ අවස්තාව මහජනතාවට හිමිවනු ඇති.

මේ වන විට අයදුම්පත් 130,000ක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියා.

තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පළමු වටයේ ලැබුණු අභියාචනා සහ විරෝධතා 1,227,000න් 212,000ක් පමණ එකම පාර්ශ්වය විසින් කිහිප වරක් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කළ අවස්ථා ලෙස වාර්තා වන බවත් සැබෑ විරෝධතා සහ අභියාචනා ප්‍රමාණය 966,000ක් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මෙම විරෝධතා සහ අභියාචනා හේතුවෙන් මේ වන විට 10,000ක පමණ පිරිසක් අස්වැසුම සඳහා නුසුදුස්සන් බවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විටත් ප්‍රතිලාභ ලබා ඇති පිරිසගෙන් එම මුදල් නැවත අය කර ගැනීමට අදාළ නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26