දැඩි ආරක්ෂක රැකවල් මැද පාතාල කල්ලි නායකයෙක් ජයටම මඟුල් කාලා

දැඩි පොලිස් ආරක්ෂාව මාධ්‍යයේ සිදුකළ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකුගේ විවාහ මංගල්‍යක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තාකර තිබෙනවා.

එම වාර්තාවලට අනුව ඉන්දියාවේ මිනීමැරුම්, පැහැර ගැනීම් සහ කප්පම් ලබාගැනීම් ඇතුළු අපරාධ චෝදනා රැසකට වැරදිකරුව සිටින සංදීප් හෙවත් කලා ජාතේදි නැමති පාතාල කල්ලි නායකගේ මංගල උත්සවය ඊයේ (12) මෙලෙස පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

කලා ජාතේදි සමඟ අතිනත ගෙන ඇත්තේ අපරාධ චෝදනා රැසකට සිරගත වී සිට පසුව ඇපමත මුදාහරිනු ලැබූ අනුරාධා චවුද්රි නොහොත් මැඩම් මිනිස් නමැති කාන්තාවයි.

මොවුන්ගේ විවාහ උත්සවය නවදිල්ලි නුවර පිහිටි උත්සව ශාලාවක පැවති අතර, කලා ජාතේදිගේ නීතීඥවරයා රුපියල් 51,000ක් මුදලක් ගෙවා එම උත්සව ශාලාව දිනකට වෙන්කරගෙන තිබෙනවා.

මේ වනවිටත් රක්ෂිත බන්ධාගාර ගතව පසුවන කලා ජාතේදි ඔහුගේ විවාහ උත්සවය වෙනුවෙන් නවදිල්ලි අධිකරණයකින් පැය කිහිපයක තාවකාලික නිදහසක් ලබාදීමට කටයුතු කර තිබුණා.

විවාහ උත්සවය අතර තුර ඇතිවිය හැකි ගැටුම් වළක්වා ගැනීම සහ කලා ජාතේදි අත්අඩංගුවෙන් මිදී පැනයෑම වැළැක්වීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් විවාහ මංගල්‍යයේ ආරක්ෂාවට යොදවා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14