spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැඩි ආරක්ෂක රැකවල් මැද පාතාල කල්ලි නායකයෙක් ජයටම මඟුල් කාලා

දැඩි පොලිස් ආරක්ෂාව මාධ්‍යයේ සිදුකළ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකුගේ විවාහ මංගල්‍යක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තාකර තිබෙනවා.

එම වාර්තාවලට අනුව ඉන්දියාවේ මිනීමැරුම්, පැහැර ගැනීම් සහ කප්පම් ලබාගැනීම් ඇතුළු අපරාධ චෝදනා රැසකට වැරදිකරුව සිටින සංදීප් හෙවත් කලා ජාතේදි නැමති පාතාල කල්ලි නායකගේ මංගල උත්සවය ඊයේ (12) මෙලෙස පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

කලා ජාතේදි සමඟ අතිනත ගෙන ඇත්තේ අපරාධ චෝදනා රැසකට සිරගත වී සිට පසුව ඇපමත මුදාහරිනු ලැබූ අනුරාධා චවුද්රි නොහොත් මැඩම් මිනිස් නමැති කාන්තාවයි.

මොවුන්ගේ විවාහ උත්සවය නවදිල්ලි නුවර පිහිටි උත්සව ශාලාවක පැවති අතර, කලා ජාතේදිගේ නීතීඥවරයා රුපියල් 51,000ක් මුදලක් ගෙවා එම උත්සව ශාලාව දිනකට වෙන්කරගෙන තිබෙනවා.

මේ වනවිටත් රක්ෂිත බන්ධාගාර ගතව පසුවන කලා ජාතේදි ඔහුගේ විවාහ උත්සවය වෙනුවෙන් නවදිල්ලි අධිකරණයකින් පැය කිහිපයක තාවකාලික නිදහසක් ලබාදීමට කටයුතු කර තිබුණා.

විවාහ උත්සවය අතර තුර ඇතිවිය හැකි ගැටුම් වළක්වා ගැනීම සහ කලා ජාතේදි අත්අඩංගුවෙන් මිදී පැනයෑම වැළැක්වීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් විවාහ මංගල්‍යයේ ආරක්ෂාවට යොදවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
14
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?