කැනඩාවේ දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු ගැන තීරණයක්

කැනඩාවේ ඔටාවා හිදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු ඔටාවා හි බෞද්ධ විහාරස්ථානය මඟින් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

මේ වනවිට බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන ධනුෂ්ක වික්‍රමසිංහගේ අවසරය මත, මියගිය ඔහුගේ පවුලේ අයගේ අවසන් කටයුතු මෙලෙස ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානය මඟින් සිදුකිරීමට නියමිතයි.

ඔටාවා අගනුවර අසන්න බාර්හෙවන් ප්‍රදේශයේ නිවසක් තුළ පසුගිය බදාදා රාත්‍රීයේ දී තවත් ශ්‍රී ලාංකික තරුණයෙක් විසින් එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සාහසික ලෙස ඝාතනය කර තිබුණා.

ෆ්‍රෑන්ක් ද සොයිසා නැමැති 19 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් විසිනුයි මෙම ඝාතනය සිදුකර තිබුණේ.

මේ අතර මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයවලින් පසුව සිදුකරන අවමංගල්‍ය කටයුතු සඳහා ඔවුන්ගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන බව ඔටාවා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28