කෑගල්ල – අලගල්ල කන්දේ සංචාරය කර යළි පැමිණෙමින් සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිසකගෙන් එක් සිසුවෙක් අලගල්ල කනදේ ප්‍රපාතයකට ඇද වැටී අනතුරකට ලක්ව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 21 හැවිරිදි වියේ පසුවන සිසුවෙක්.
ප්‍රපාතයෙන් පහළට ඇදවැටුණු සිසුවා යුද හමුදා භට කණ්ඩායමක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගෙන ඔහුව මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් දසදෙනෙක් ඊයේ (09) කෑගල්ල – අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී මෙම සිසුවා මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.



















