අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල්ගේ නිවසට හොරු පනී

අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල්ට අයත් දෙවිනුවර, පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී කිසියම් පිරිසක් ඇතුළු වී තිබෙනවා.

සොරුන් කණ්ඩායමක් විසින් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

රොනී ද මෙල්ගේ පෞද්ගලික ලේකම් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පැමිණිලි සිදුකර ඇති බව සඳහන්.

ගන්දර පොලීසියට අමතරව, පොලිස්පති විශේෂ නියෝගය මත තවත් පොලිස් කණ්ඩායමක් සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට සතියක පමණ කාලයක් ගතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?