Indian Premier League

ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියකින් හෙරෝයින් බෙදූ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියකින් හෙරෝයින් ග්‍රැම් 25 ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක් ඊයේ (05) දින එඩෙිරමුල්ල පොලිස් වසමේ අක්බාර් ටවුන් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක් වන අතර කාන්තාව 43 හැවිරිදි වියේ පසුවෙයි.

එහිදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන 02ක්, විදේශ ගමන් බලපත්‍ර 02ක්, ඩිජිටල් විද්‍යුත් තරාදියක් සහ යතුරුපැදියේ ව්‍යාජ අංක තහඩුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඩෙිරමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම සැකකරු 2023.11.26 වන දින විශේෂ මෙහෙයුම් III කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍යක් වන මෙත්ඇම්පිටමයින් ක්‍රිස්ටල් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සන්තකයේ තබා ගෙන සිටියදී 2023.11.26 වන දින අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබුණා.

අනතුරුව 2023.11.27 වන දින වැල්ලම්පිටිය පොලිසිය මගින් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම නඩුව 2023.12.28 වන දින කැදවු අවස්ථාවේ මෙම සැකකරු විසින් අධිකරණය නොමග යවමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රු. 8,000.00ක දඩ මුදලකටයටත්ව නිදහස්ව ඇති අතර පසුව මෙම නඩුව 2024.02.29 දින කැදවු අවස්ථාවේ අධිකරණය මගින් මෙම සැකකරු 2024.05.16 වන දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත අධිකරණ නියෝගයක් ලබාදි තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?