ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියකින් හෙරෝයින් බෙදූ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියකින් හෙරෝයින් ග්‍රැම් 25 ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක් ඊයේ (05) දින එඩෙිරමුල්ල පොලිස් වසමේ අක්බාර් ටවුන් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක් වන අතර කාන්තාව 43 හැවිරිදි වියේ පසුවෙයි.

එහිදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන 02ක්, විදේශ ගමන් බලපත්‍ර 02ක්, ඩිජිටල් විද්‍යුත් තරාදියක් සහ යතුරුපැදියේ ව්‍යාජ අංක තහඩුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඩෙිරමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම සැකකරු 2023.11.26 වන දින විශේෂ මෙහෙයුම් III කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍යක් වන මෙත්ඇම්පිටමයින් ක්‍රිස්ටල් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සන්තකයේ තබා ගෙන සිටියදී 2023.11.26 වන දින අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබුණා.

අනතුරුව 2023.11.27 වන දින වැල්ලම්පිටිය පොලිසිය මගින් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම නඩුව 2023.12.28 වන දින කැදවු අවස්ථාවේ මෙම සැකකරු විසින් අධිකරණය නොමග යවමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රු. 8,000.00ක දඩ මුදලකටයටත්ව නිදහස්ව ඇති අතර පසුව මෙම නඩුව 2024.02.29 දින කැදවු අවස්ථාවේ අධිකරණය මගින් මෙම සැකකරු 2024.05.16 වන දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත අධිකරණ නියෝගයක් ලබාදි තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05