සරත් ෆොන්සේකා ලබාගත් වාරණ නියෝගය දීර්ඝ කෙරේ

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත් හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ලබන 19 වෙනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.

සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සමක් අද (04) දින යළි සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු වෙත මෙම වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.

පෙත්සම අද (04) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තරකාර සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ වාරණ නියෝගයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ඉන් අනතුරුව වාරණ නියෝගය ලබන 19 වනදා දක්වා දීර්ඝ කළ අධිකරණය එදින අදාල විරෝධතා සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවත් නිවේදනය කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ, හිටපු හමුදාපති දයාරත්නායක සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් තම සේවාදායකයා ඊට එරෙහිව පළ කළ අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍යවලින් තොරතුරු පළවී තිබූ බවයි.

එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තම සේවා දායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සහ සමග ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් සරත් ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27