ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග අද (04) බංග්ලාදේශයේ සිල්හෙට් හිදී පැවැත්වෙනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් අද (04) පස්වරු 5.30ට ආරම්භවීමට නියමිතයි.

අද තරගය වෙනුවෙන් වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් ලැබෙනු ඇති බවයි සිල්හෙට්වලින් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 13ක් පවත්වා ඇති අතර, ඉන් තරග 09ක ජය ශ්‍රී ලංකාවට හිමිකරගෙන ඇති අතර, බංග්ලාදේශයේ ජයගෙන ඇත්තේ තරග 04ක් පමණයි.

මේ අතර සිල්හෙට් තණතීරුවේ විස්සයි විස්ස තරගයක් වෙනුවෙන් මෙම කණ්ඩායම් දෙක මුණගැසෙන්නේ දෙවන වරටයි.

මෙම තණතීරුවේ දෙරට අතර පැවැත්වුන පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක චරිත් අසලංකට හිමිවන අතර, නිත්‍ය නායක වනිඳු හසරංගට විස්සයි විස්ස තරග දෙකක තරග තහනමක් පනවා තිබීම මීට හේතුවෙයි.

මේ අතර අද තරගයේ දී ආරම්භක පිතිකරුවෙක් ලෙස අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත අතර, වනිඳු වෙනුවට දඟ පන්දු යවන්නෙක් ලෙස අකිල ධනංජයට අද තරගය ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06