අම්බානිගේ බාල පුතාගේ පූර්ව මංගල සාදය අද සිට ඇරඹෙයි – ලොව ප්‍රසිද්ධ චරිත රැසක් උත්සවයට

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ පූර්ව මංගල සාදය අද (02) සිට පැවැත්වෙනවා.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වෙන මෙම මංගල සාදය සඳහා ලොව ධනවත්ම පුද්ගලයින් සහ ලොව ජනප්‍රිය පුද්ගලයින් රැසකට ඇරයුම් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියක් වන ඉවන්කා ට්‍රම්ප්, ඩිස්නි සමාගමේ ප්‍රධානී බොබ් ඉගර්, ජනප්‍රිය ගායිකා රිහානා මෙන්ම තවත් ලොව ප්‍රසිද්ධ චරිත රැසක් මෙම උත්සවයට සහභාගීවීමට නියමිත බව සඳහන්.

ඊට අමතරව බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු රැසක් ද මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ පූර්ව මංගල සාදයට එක්වීමට නියමිතයි.

ෆෝබ්ස් සඟරාවට අනුව මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර මේ වනවිට 10 වන ස්ථානයේ රැඳී සිටිනනවා.

ඔහුගේ බාල පුත්‍රයාවන 28 හැවිරිදි වියේ පසුවන අනන්ට් අම්බානි මේ වසරේ ජූලි මාසයේ දී 29 හැවිරිදි රාධිකා මර්චන්ට් සමඟ විවාහ වීමට සැලසුම්කර තිබෙනවා.

එම විවාහ මංගල්‍යයේ පූර්ව මංගල සාදය අද (02) සිට මෙලෙස ආරම්භ වන අතර, ඒ සඳහා මුකේෂ් අම්බානි වැයකර ඇති මුදල පිළිබඳව මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

කෙසේ වෙතත් මෙම පූර්ව විවාහ සාදය සඳහා ගුජරාටයේ ජම්නගර් වෙත අමුත්තන් 1,200ක් පමණ පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේ දී අමුත්තන් එම දින තුන පුරාවට එහි රැදී සිටීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?