අම්බානිගේ බාල පුතාගේ පූර්ව මංගල සාදය අද සිට ඇරඹෙයි – ලොව ප්‍රසිද්ධ චරිත රැසක් උත්සවයට

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ පූර්ව මංගල සාදය අද (02) සිට පැවැත්වෙනවා.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වෙන මෙම මංගල සාදය සඳහා ලොව ධනවත්ම පුද්ගලයින් සහ ලොව ජනප්‍රිය පුද්ගලයින් රැසකට ඇරයුම් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියක් වන ඉවන්කා ට්‍රම්ප්, ඩිස්නි සමාගමේ ප්‍රධානී බොබ් ඉගර්, ජනප්‍රිය ගායිකා රිහානා මෙන්ම තවත් ලොව ප්‍රසිද්ධ චරිත රැසක් මෙම උත්සවයට සහභාගීවීමට නියමිත බව සඳහන්.

ඊට අමතරව බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු රැසක් ද මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ පූර්ව මංගල සාදයට එක්වීමට නියමිතයි.

ෆෝබ්ස් සඟරාවට අනුව මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර මේ වනවිට 10 වන ස්ථානයේ රැඳී සිටිනනවා.

ඔහුගේ බාල පුත්‍රයාවන 28 හැවිරිදි වියේ පසුවන අනන්ට් අම්බානි මේ වසරේ ජූලි මාසයේ දී 29 හැවිරිදි රාධිකා මර්චන්ට් සමඟ විවාහ වීමට සැලසුම්කර තිබෙනවා.

එම විවාහ මංගල්‍යයේ පූර්ව මංගල සාදය අද (02) සිට මෙලෙස ආරම්භ වන අතර, ඒ සඳහා මුකේෂ් අම්බානි වැයකර ඇති මුදල පිළිබඳව මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

කෙසේ වෙතත් මෙම පූර්ව විවාහ සාදය සඳහා ගුජරාටයේ ජම්නගර් වෙත අමුත්තන් 1,200ක් පමණ පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේ දී අමුත්තන් එම දින තුන පුරාවට එහි රැදී සිටීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25