බංග්ලාදේශයේ ගොඩනැඟිල්ලක ගින්නක් – ජීවිත 43ක් අහිමිවෙයි (ඡායාරූප)

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තාවලට අනුව ඊයේ (29) පස්වරුවේ අදාළ ගොඩනැඟිල්ලේ තිබූ අවන්හලක මෙම ගින්න මුලින් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන නිලධාරීන් පැවසුවේ මහල් හතකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ හටගත් ගින්න පැය දෙකක පමණ පසු මැඬපැවැත්වීමට කටයුතු කළ බවයි.

40 දෙනෙකු පමණ දුම් ආඝ්‍රාහනය වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස තුවාල ලැබූවන්ගෙන් තවත් 22 දෙනෙකු පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි ඩකා රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

be352c0c 18f5 40d4 ba9f a043c3c5691d 887fff34
132778124 gettyimages 2041442184
2362935
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?