පාසල් වෑන් රථයට යට වී සිව්හැවිරිදි දරුවා අකාලයේ ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයකට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවෙක් කල්මුනේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වනවා.

පෙරියනීලාවනි පොලිස් වසමේ විෂ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේ දී ඊයේ (29) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 04ක කුඩා දරුවෙක් බවයි වාර්තා වුණේ.

අදාළ දරුවාගේ වැඩිමල් සහෝදරියගේ පාසල් වෑන් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

දරුවාගේ සහෝදරිය පාසල් වෑන් රථයට නංවාගැනීමෙන් පසු රථයේ රියදුරා විසින් එය ඉදිරියට ධාවනය කිරීමේ දී දරුවා එයට යට වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?