පාසල් වෑන් රථයට යට වී සිව්හැවිරිදි දරුවා අකාලයේ ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයකට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවෙක් කල්මුනේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වනවා.

පෙරියනීලාවනි පොලිස් වසමේ විෂ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේ දී ඊයේ (29) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 04ක කුඩා දරුවෙක් බවයි වාර්තා වුණේ.

අදාළ දරුවාගේ වැඩිමල් සහෝදරියගේ පාසල් වෑන් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

දරුවාගේ සහෝදරිය පාසල් වෑන් රථයට නංවාගැනීමෙන් පසු රථයේ රියදුරා විසින් එය ඉදිරියට ධාවනය කිරීමේ දී දරුවා එයට යට වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33