නිවසින් ගිය කතකගේ මළ සිරුර දින හතරකට පසු පාළු නිවසක් අසලින් හමුවෙයි

ඊයේ (29) උදෑසන කටුනායක පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් ඉදිරිපිට මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මරණකාරිය 46 හැවිරිදි කටියල, දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙලෙස මියගොස් සිටියදී හමු වූ කාන්තාව ඇගේ ස්වාමිපුරුෂයාගේ මව,පියා හා දියණිය සමඟ නිවසේ පදිංචිව සිට තිබෙනවා.

ඇය පසුගිය 25 වන දින වල්පොල ප්‍රදේශයේ පදිංචි ඇයගේ පුංචිගේ නිවසට යන බව පවසා නිවසින් ගොස් ඇති බව අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කටුනායක පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18