spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසින් ගිය කතකගේ මළ සිරුර දින හතරකට පසු පාළු නිවසක් අසලින් හමුවෙයි

ඊයේ (29) උදෑසන කටුනායක පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් ඉදිරිපිට මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මරණකාරිය 46 හැවිරිදි කටියල, දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙලෙස මියගොස් සිටියදී හමු වූ කාන්තාව ඇගේ ස්වාමිපුරුෂයාගේ මව,පියා හා දියණිය සමඟ නිවසේ පදිංචිව සිට තිබෙනවා.

ඇය පසුගිය 25 වන දින වල්පොල ප්‍රදේශයේ පදිංචි ඇයගේ පුංචිගේ නිවසට යන බව පවසා නිවසින් ගොස් ඇති බව අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කටුනායක පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?