AFC Banner
Empty Ad
Empty Ad

භූමදානය කළ මළ සිරුරු නැවත ගොඩ ගනියි – බ්‍රසීලය හදිසියේ ගත් තීරණය

බ්‍රසීලයේ කොරෝනා මළ සිරුරු භූමදාන කිරීමට ඉඩ නොමැති වීම හේතුවෙන් කළකට පෙර සුසාන භූමිවල මිහිදන් කළ මළ සිරුරු ඉවත් කර , නව මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ ලබා ගැනීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රසීලයේ විශාලම නගරයවන සාවෝ පවුලෝ නුවර බලධාරීන් විසින් බවයි වාර්තා වන්නේ.

අතීතයේ වළලනු ලැබූ මළ සිරුරුවල ඇටකටු හාරා විශාල ලෝහ බහාලුම්වල ගබඩා කරන ලෙස බ්‍රසීල බලධාරීන් සාවෝ පවුලෝහි නාගරික අවමංගල්‍ය සේවය වෙත උපදෙස් ලබා දී ඇති අතර එම අවමංගල්‍ය සේවය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අවම වශයෙන් මීට වසර තුනකට පෙර මියගිය පුද්ගලයින්ගේ දිරා ගියා සිරුරු පිටතට ගෙන මළුවල දමා තාවකාලිකව ගබඩා බහාලුම් 12 ක ගබඩා කිරීමට පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?