ගිණිකෙළි කර්මාන්තශාලාවක ගින්නකින් දෙදෙනෙක් මරුට (ඡායාරූප)

කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ප්‍රදේශයේ පසුගිය 26 වනදා සවස ගිණිකෙළි සාදන ස්ථානයක හදිසියේ ගිනි ගැනීමක් හටගෙන තිබෙනවා.

එම ස්ථානයේ සේවය කළ වයස අවුරුදු 18,22,31 වයස්වල පුද්ගලයින් තිදෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පසුව වයස අවුරුදු 18ක් වන තරුණයා මියගොස් ඇති බව සඳහන්.

අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් වයස අවුරුදු 22ක් වන බරපතළ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද (28) උදෑසන මිය ගොස් තිබෙනවා.

31ක් හැවිරිදි පුද්ගලයා දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

WhatsApp Image 2024 02 28 at 10.47.37 1
WhatsApp Image 2024 02 28 at 10.47.37
WhatsApp Image 2024 02 28 at 10.47.36 2
WhatsApp Image 2024 02 28 at 10.47.36 1
WhatsApp Image 2024 02 28 at 10.47.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !