AFC Banner
Empty Ad
Empty Ad

වැඩි මිලට බෙහෙත් වික්ක කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් අභියාචනාධිකරණට පෙත්සමක්

නියමිත මිලට වඩා වැඩි මිලට ඖෂධ අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පැමිණිල්ලට අදාළව ලබන 12 වනදා තෙක් ඉල්ලීම් කිසිවක් ඉදිරිපත් නොකරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ අගතියට පත් පාර්ශවය විසින් අද (26) අභියාචනාධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දුන්නා.

තමන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ පෞද්ගලික රෝහල විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

අදාළ රෝහල විසින් නියමිත මිලට වඩා වැඩි මිලට බෙහෙත් අලෙවි කරන බවට චෝදනා කරමින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

එම නඩුව මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අදාළ රෝහල වෙනුවෙන් නියෝජිතයකු පෙනී සිටිමින් වරද පිළිගත් අතර, ඊට වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් රුපියල් 25,000ක දඩයක් නියම කර තිබුණා.

එහෙත් එම දඩ මුදල නියම කිරීමේ දී පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අදාළ රෝහලේ අධ්‍යක්ෂවරුන්ට අධිකරණය පෙනී සිටින්නැයි දන්වා නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අදාළ පෞද්ගලික රෝහල විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?