වැඩි මිලට බෙහෙත් වික්ක කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් අභියාචනාධිකරණට පෙත්සමක්

නියමිත මිලට වඩා වැඩි මිලට ඖෂධ අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පැමිණිල්ලට අදාළව ලබන 12 වනදා තෙක් ඉල්ලීම් කිසිවක් ඉදිරිපත් නොකරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ අගතියට පත් පාර්ශවය විසින් අද (26) අභියාචනාධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දුන්නා.

තමන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ පෞද්ගලික රෝහල විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

අදාළ රෝහල විසින් නියමිත මිලට වඩා වැඩි මිලට බෙහෙත් අලෙවි කරන බවට චෝදනා කරමින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

එම නඩුව මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අදාළ රෝහල වෙනුවෙන් නියෝජිතයකු පෙනී සිටිමින් වරද පිළිගත් අතර, ඊට වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් රුපියල් 25,000ක දඩයක් නියම කර තිබුණා.

එහෙත් එම දඩ මුදල නියම කිරීමේ දී පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අදාළ රෝහලේ අධ්‍යක්ෂවරුන්ට අධිකරණය පෙනී සිටින්නැයි දන්වා නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අදාළ පෞද්ගලික රෝහල විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03