සුදූ කෙළින්න ගිහින් ණය වූ ලක්ෂ හතර ගෙවන්න මව ඝාතනය කරලා

ඔන්ලයින් සූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයෙක්, ඔහුගේ ණය කන්ද පියවා ගැනීමට මව ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

අදාළ පුද්ගලයා තම මව ඝාතනය කර ඇයගේ ජීවිත රක්ෂණ වන්දියෙන් හිමිවන මුදලින් ණය පියවා ගැනීම ඔහුගේ සැලස්ම වී තිබූ බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකාර පුත්‍රයා විසින් 50 ලක්ෂයක රක්ෂණය ලබා ගැනීමට සිය මව ඝාතනය කර ඇයගේ සිරුර යමුනා ගං ඉවුර අසලට දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ෆතේපූර් ප්‍රදේශයේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඔන්ලයින් සූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ අයෙක් බවත්, ඒ සඳහා ඔහු විවිධ අවස්ථාවන්වල දී විවිධ පුද්ගලයින්ගෙන් ණයට මුදල් ඉල්ලගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ලබාගත් ණය මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් ලක්ෂ 04ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඔහුටත් නොදැනීමයි.

එම මුදල් ප්‍රමාණය ආපසු ගේන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නය මැදිව සිටි සැකකරු විසින් මෙම කුරිරු සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කර තිබෙනවා.

සැකකරු විසින් ඔහුගේ පියාගේ ඥාතියෙකුගේ ස්වර්ණාභරණ සොරකම් කර ඒවා විකුණා එම මුදල්වලින් දෙමාපියන්ට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ජීවිත රක්ෂණ ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු වැඩි කල් යන්නට මත්තෙන් පියා නොමැති අවස්ථාවක මවගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වුණේ.

අනතුරුව මවගේ මෘත ශරීරය බෑගයක දමා ට්‍රැක්ටරය දමාගෙන ගොස් යමුනා ගං ඉවුරේ බැහැරකර තිබෙනවා.

මවගේ හදිසි අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය සැකපිට අදාළ පුත්‍රයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සිදුකළ මෙම අපරාධය හෙළිකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01