සුදූ කෙළින්න ගිහින් ණය වූ ලක්ෂ හතර ගෙවන්න මව ඝාතනය කරලා

ඔන්ලයින් සූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයෙක්, ඔහුගේ ණය කන්ද පියවා ගැනීමට මව ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

අදාළ පුද්ගලයා තම මව ඝාතනය කර ඇයගේ ජීවිත රක්ෂණ වන්දියෙන් හිමිවන මුදලින් ණය පියවා ගැනීම ඔහුගේ සැලස්ම වී තිබූ බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකාර පුත්‍රයා විසින් 50 ලක්ෂයක රක්ෂණය ලබා ගැනීමට සිය මව ඝාතනය කර ඇයගේ සිරුර යමුනා ගං ඉවුර අසලට දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ෆතේපූර් ප්‍රදේශයේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඔන්ලයින් සූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ අයෙක් බවත්, ඒ සඳහා ඔහු විවිධ අවස්ථාවන්වල දී විවිධ පුද්ගලයින්ගෙන් ණයට මුදල් ඉල්ලගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ලබාගත් ණය මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් ලක්ෂ 04ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඔහුටත් නොදැනීමයි.

එම මුදල් ප්‍රමාණය ආපසු ගේන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නය මැදිව සිටි සැකකරු විසින් මෙම කුරිරු සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කර තිබෙනවා.

සැකකරු විසින් ඔහුගේ පියාගේ ඥාතියෙකුගේ ස්වර්ණාභරණ සොරකම් කර ඒවා විකුණා එම මුදල්වලින් දෙමාපියන්ට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ජීවිත රක්ෂණ ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු වැඩි කල් යන්නට මත්තෙන් පියා නොමැති අවස්ථාවක මවගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වුණේ.

අනතුරුව මවගේ මෘත ශරීරය බෑගයක දමා ට්‍රැක්ටරය දමාගෙන ගොස් යමුනා ගං ඉවුරේ බැහැරකර තිබෙනවා.

මවගේ හදිසි අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය සැකපිට අදාළ පුත්‍රයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සිදුකළ මෙම අපරාධය හෙළිකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19