වෑන් රථයක් ගිනි තබා ප්‍රේමවන්තයා පළා යද්දී අනතුරකින් ජීවිතක්ෂයට

නිවසක නවතා තිබූ වෑන් රථයකට ගිනිතබා පලායමින් සිටි තරුණයෙක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය, නීර්වේලි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ තරුණයා ගමන් ගත් යතුරුපැදිය අනතුරකට ලක්වීමෙන් ඊයේ (21) ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරුණයා වැල්වැටිතුර ප්‍රදේශයේ තරුණියකට ආදර යෝජනාවක් කර ඇති අතර, ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇයගේ නිවසේ නවතා තිබූ වෑන් රථයකට තරුණයා ගිනි තබා පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියක නැඟී එලෙස පළායන අතර වාරයේ සුනඛයෙකු මාර්ගය හරහා පැනීමත් සමඟ ඔහු ගමන්ගත් යතුරුපැදිය අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් තවත් තරුණයෙක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවීමෙන් පසු එම තරුණයා අදාළ ස්ථානයෙන් පළාගොස් ඇති අතර, යතුරුපැදිය ද සඟවා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
9
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?