වෑන් රථයක් ගිනි තබා ප්‍රේමවන්තයා පළා යද්දී අනතුරකින් ජීවිතක්ෂයට

නිවසක නවතා තිබූ වෑන් රථයකට ගිනිතබා පලායමින් සිටි තරුණයෙක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය, නීර්වේලි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ තරුණයා ගමන් ගත් යතුරුපැදිය අනතුරකට ලක්වීමෙන් ඊයේ (21) ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරුණයා වැල්වැටිතුර ප්‍රදේශයේ තරුණියකට ආදර යෝජනාවක් කර ඇති අතර, ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇයගේ නිවසේ නවතා තිබූ වෑන් රථයකට තරුණයා ගිනි තබා පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියක නැඟී එලෙස පළායන අතර වාරයේ සුනඛයෙකු මාර්ගය හරහා පැනීමත් සමඟ ඔහු ගමන්ගත් යතුරුපැදිය අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් තවත් තරුණයෙක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවීමෙන් පසු එම තරුණයා අදාළ ස්ථානයෙන් පළාගොස් ඇති අතර, යතුරුපැදිය ද සඟවා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25