අනුරාධපුරයේ අද විශේෂ මෙහෙයුමක්

අදට යෙදී ඇති පොහොය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයන් කොටු කර ගැනීම සඳහා විශේෂිත වූ මෙහෙයුමක් අද (23) අලුයම ක්‍රියාත්මක කෙරුණා.

අනුරාධපුර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරීන් 250කට වැඩි සංඛ්‍යාවක් මෙම මෙහෙයුමට එක් වුණා.

මෙම මෙහෙයුමේදී මත්කුඩු, ගංජා, නීති විරෝධී මත්පැන්, ළඟ තබා ගත් පුද්ගලයන් 55ක් වරෙන්තුකරුවන් 21ක්, බීමත් රියදුරන් 4ක් ඇතුළු සැකකරුවන් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් භාණ්ඩ හා සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්