රදැල්ල කෙටි මාර්ගයේ බස් අනතුරේ රියදුරාට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (23) රාත්‍රියේ නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබුණා.

පොලිසිය පවසන්නේ රදැල්ල කෙටි මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය තහනම්කර තිබියදීත් අදාළ බස් රථයේ එම මාර්ගයේ ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් එම මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය තහනම් කර ඇති බව තමන් නොදැන සිටි බව අනතුරට පත් බස් රථයේ රියදුරු පවසා ඇති බවයි නානුඔය පොලිසිය සඳහන් කළේ.

මාතර සිට නුවරඑළිය හරහා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් මෙම බස් රථයට නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ මාර්ගය හරහා පෙරළීයාමෙන් බස් රථයේ ගමන් ගත් අටදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

අධික බැවුමක් සහිත එම මාර්ගයේ ධාවනය වූ බස් රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බස් රථයේ ගමන් ගත් පිරිස මාතර සහ අකුරැස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, බස් රථයේ රියදුරාට එරෙහිව අධිකරණය හමුවේ දැඩි නීතිමය ක්‍රියාමාර්ගගන්නා බවයි නානුඔය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29