රදැල්ල කෙටි මාර්ගයේ බස් අනතුරේ රියදුරාට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (23) රාත්‍රියේ නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබුණා.

පොලිසිය පවසන්නේ රදැල්ල කෙටි මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය තහනම්කර තිබියදීත් අදාළ බස් රථයේ එම මාර්ගයේ ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් එම මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය තහනම් කර ඇති බව තමන් නොදැන සිටි බව අනතුරට පත් බස් රථයේ රියදුරු පවසා ඇති බවයි නානුඔය පොලිසිය සඳහන් කළේ.

මාතර සිට නුවරඑළිය හරහා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් මෙම බස් රථයට නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ මාර්ගය හරහා පෙරළීයාමෙන් බස් රථයේ ගමන් ගත් අටදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

අධික බැවුමක් සහිත එම මාර්ගයේ ධාවනය වූ බස් රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බස් රථයේ ගමන් ගත් පිරිස මාතර සහ අකුරැස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, බස් රථයේ රියදුරාට එරෙහිව අධිකරණය හමුවේ දැඩි නීතිමය ක්‍රියාමාර්ගගන්නා බවයි නානුඔය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?