12 වන හෝ 13 වන සියවස්වලට අයත් ගල් නැංගුරමක් හමුවෙයි

ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසනවා.

කෙසේවුව ද අවස්ථා කිහිපයකදීම මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබූ මෙම ගල් නැංගුරම 12 -13 වැනි සියවස් තරම් අතීතයට අයත් බව තහවරු කරගෙන ඇත්තේ පසුගිය දිනවලදීය.

මෙම ස්ථානයේ පැරණි නැංගුරම් කිහිපයක්, නැංගුරම් ලෙස භාවිතා කළ එකට ගැටගැසූ කාලතුවක්කු දෙකක් ආදී අවශේෂ කිහිපයක් ම දක්නට ලැබී තිබෙනවා.