STF නිලධාරීන් පිරිසකට එරෙහිව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් නියෝගයක්

මෑතකදී ආනමඩුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පස් දෙනෙකු සම්බන්ධයෙන් මේ මස 26 වනදා තෙක් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (21) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළා.

අදාළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පස් දෙනා විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද (21) දින සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ දී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මෙම නියෝගය නිකුත් කළා.

මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී පෙත්සම්කාර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින් මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකළ අවස්ථාවේදී ඔවුන්ට මෙම චෝදනාව එල්ල වී තිබෙන බව සඳහන් කර සිටියා.

මෙම සිද්ධියට අදාල නඩුව හෙට(22) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවත් මෙම පෙත්සම සලකා බලන තෙක් තම සේවා දායකයින්ට එරෙහිව ඉදිරි පියවර ගැනීම වළක්වාලන නියෝගයක් ආනමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි තමන් වෙත ලැබී නොමැති බවත් වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළා.

ඒ අනුව, අදාල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරුවරයා එදින තෙක් අදාල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි පියවර කිසිවක් නොගන්නා ලෙසට ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38