පෞද්ගලික දත්ත සැකසීමේ දී පුරවැසි අයිතීන් සුරක්ෂිත කිරීමට කඩිනමින් නව නීති

පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර අවසන් කරන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත් පවසනවා.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීම ද මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන අනුව තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයාට හිමි බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පස් වැනි කොටස ජූලි මස සිට ක්‍රියාත්මක වන අතර, එමඟින් අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිණි. ඉන් පසුව 2023 ඔක්තෝබර් මාසයේ දී මෙම අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඒ බව ප්‍රසිද්ධ කරන ලදී.

පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ කටයුතු කරනු ලැබීම නියාමනය කරන ආයතනයක් වශයෙන් මෙම අධිකාරිය ක්‍රියාත්මක වෙයි.

එසේම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීමට ද දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරනු ලබනවා.

මෙම නවතම ගැසට් නිවේදනය මඟින් 2025 මාර්තු මස 18 දින සිට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක හා බලාත්මක තත්ත්වයට පත් කෙරෙන අතර ‘ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම’ පිළිබඳ මෙම පනතෙහි IV කොටස බලාත්මක විය යුතු දිනය, පනත සඳහා කතානායකවරයාගේ සහතිකය ලත් දින සිට මාස 24කට නොඅඩු හා මාස 48කට නොවැඩි කාලයක් ඇතුළත දිනයක් විය යුතු බැවින් එකී කාල සීමාව තුළ වු හා 2025 මාර්තු මස 18 දිනයෙන් පසු දිනයක සිට බලාත්මක කෙරෙයි.

මෙම පනතේ VI, VIII, IX සහ X කොටස් 2023 දෙසැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම මඟින් අධිකාරියේ අරමුදල නිර්මාණය කිරීමට මෙන්ම පනතෙහි 52 වැනි වගන්තිය යටතේ අධිකාරිය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ප්‍රධාන කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීමට අදාළ බඳවාගැනීමේ පටිපාටි වෙනුවෙන් නීතිරීති සැකසීමට අවශ්‍ය පියවර ගැනීමටත්, අධ්‍යක්ෂ ජනරාල් හා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත අදාළ බලතල පැවරීමටත්, සෙසු මෙහෙයුම් කාර්යයන් මඟින් අධිකාරියේ කටයුතු සම්පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමටත් හැකියාව ලැබී තිබෙනවා.

එසේම විවෘත, පාරදෘශ්‍ය හා තරගකාරී ක්‍රමවේදයක් මඟින් අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ සහ පත් කිරීමේ ක්‍රියාවලිය සඳහාත්, පනත බලාත්මක වන 2025 මාර්තු 18 දිනට පෙර කාල සීමාව තුළ දී ආයතනික යටිතල පහසුකම් සංවර්ධන සහ ධාරිතා සංවර්ධන කටයුතු සිදු කිරීමටත්, ප්‍රධාන පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ කාර්යයන් සාර්ථක කර ගැනීමටත් මෙම ගැසට් නිවේදනය මඟින් දත්ත ආරක්ෂණ අධිකාරියට හැකි වෙයි.

2024 වසරේ දෙවැනි හා තුන්වැනි කාර්තු තුළ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීමේ ප්‍රවේශ භාවිතා කරමින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත බලාත්මක කිරීම සඳහා වූ ප්‍රතිපත්ති රාමුව සහ රීති සහ රෙගුලාසි සකස් කිරීමටත්, 2024 වසරේ සිවුවැනි කාර්තුව හා 2025 වසරේ පළමු කාර්තුව තුළ එම ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමටත් දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16