මීගමුව, ගල්කන්ද හන්දිය ප්‍රදේශයේ දී මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
යතුරුපැදියකින් පැමිණ මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව සදහන්.

මේ අතර මහකුබුක්කඩවල, සෙම්බුකුලිය ප්‍රදේශයේ අද සවස 6.45ට පමණ සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
අද (10) පස්වරුවේ එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂය පත්වූ බවයි පොලීසිය සදහන් කළේ.
සෙම්බුකුළිය ප්‍රදේශයේ පදිංචි මැණික්රාල අදිකාරි නැමැති වයස 55ක පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
වෙඩි තැබිමට හේතුව ඉඩම් ආරවුලක් බවයි වාර්තා වුණේ.




