උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

විස්සයි විස්ස පුහුණු තරග සංචාරයක් සඳහා උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරණ ගුවන් යානයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට මෙරට දී එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම පුහුණු තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටින සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්වීමට නියමිතයි.

පුහුණු තරග සියල්ල ලබන 12 වනදා සිට 23 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර කර ඇත්තේ.

IMG 20240210 WA0022
IMG 20240210 WA0023
IMG 20240210 WA0021
IMG 20240210 WA0024
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
1
+1
19
+1
3
+1
1
+1
7
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?