විස්සයි විස්ස පුහුණු තරග සංචාරයක් සඳහා උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරණ ගුවන් යානයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.
උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට මෙරට දී එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම පුහුණු තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටින සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්වීමට නියමිතයි.
පුහුණු තරග සියල්ල ලබන 12 වනදා සිට 23 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර කර ඇත්තේ.


















ඉතාම හොදයි …. සතුටුයි ක්‍රිකට් ව්‍යාප්ත වෙන එකට. උගන්ඩාව ගොඩක් sports වලට දක්ශ රටක්. හරියට මිනිස්සු අතරට ගියොත් world class team එකක් බිහිවෙයි. They are plying for next t20 worldcup.
Good luck Uganda …!!!