ශ්‍රී ලංකාවේ ලොකුම පීට්සා එක මීගමුවේ හදයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ විශාලතම පීට්සාව මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ හෝටලයක කාර්ය මණ්ඩලයක් විසින් එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කර තිබෙනවා.

ඒ, පෙබරවාරි මස 09, එනම් අද දිනට යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන්.

මේ සදහා එම හෝටලයේ විධායක සූපවේදී දුමින්ද වනිගසේකර මහතා මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබුණා.

අඟල් 50ක් දිග මෙම පීට්සාව කිලෝ ග්‍රෑම් 12 ක බරකින් යුක්තයි.

පීට්සාව නිර්මාණය කිරීම සදහා තක්කාලි මිශ්‍රණයක්, මොසැරැල්ලා චීස්, කුකුළු මස්, සොසේජස්, විවිධ පාට සහ රස වර්ග 04 කින් යුතු බෙල් පෙපර්, ඔලිව් තෙල් සහ බී ළූණු භාවිතා කර තිබුණා.

ඒ අනුව, මෙම පීට්සාව විනාඩි 08 ක කාලයකින් පුළුස්සා නිම කර ගැනීමට හැකි වී තිබූ බවයි වාර්තා වුණේ.

පීට්සාව රස බැලීම සදහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ සිටි බව සඳහන්.

එකවර 08 දෙනෙකුට භුක්ති විඳීමට හැකි වන ලෙස අඟල් 25 ක් දිග වන ආකාරයට සකස් කර පීට්සා කැබලි ඔවුන්ට ආහාර සදහා පිරිනැමීම සිදු කෙරුණා.

පසුගිය 2021 වසරේ දීද මෙම හෝටලය අඟල් 40 ක් දිග පීට්සාවක්, ලෝක පීට්සා දිනය නිමිත්තෙන් සකස් කර තිබුණා.

IMG 20240209 WA0036
IMG 20240209 WA0037
IMG 20240209 WA0038
IMG 20240209 WA0035
IMG 20240209 WA0039
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10