2024 උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන්ට සුබ ආරංචියක්

2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රු. 1,450 සිට රු. 2,000 ක් දක්වා වැඩි කර ගෙවන ලද අවම සංහෘත දීමනාව 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා ද ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම, ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන ප්‍රධාන පාලක පරීක්ෂකවරුන්, සම පාලක පරීක්ෂකවරුන්, ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන් සඳහා සමස්ත කාර්ය වෙනුවෙන් එම දීමනාව හිමි වනු ඇති.

ඒ අනුව, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් කාර්ය මණ්ඩල සඳහා ඉහත සඳහන් සංශෝධිත දීමනාවන් ගෙවීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, කටයුතු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?